ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනයට වසර 50ක්

මැයි 17, 2019

    ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනයේ 50 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.

    මෙම වසරේදී ප්‍රමිතිකරණ පරතරය අවම කිරීම කෙරෙහි වැඩි අවධානය යොමුකර ඇතැයි, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ මහලේකම් හවුලින් සාහෝ මහතා පවසයි. අදට යෙදී ඇති ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, මෙවර ප්‍රමිති පරතරය අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම කාලෝචිත ක්‍රියාවක් බව පෙන්වා දෙයි.

    සාමාජික රටවල් ප්‍රජාවන් අතර ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සංසද දිනය පිළිබඳ අවබෝධය ඇති කරලීම සඳහා පියවර ගෙන තිබීම අගය කරන බව එතුමා පවසයි. නිවැරදි තෝරා ගැනීමෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි පරිදි තොරතුරු හැසිරවීම වර්තමානයේ අප හමුවේ ඇති ප්‍රබල අභියෝගය බව, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අගමැතිවරයා මේ බව කියා සිටියේ අදට යෙදී ඇති ලෝක විදුලි සංදේශ සහ තොරතරු සමාජ දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

    රටක ආර්ථික වර්ධනයට මඟ පාදන නවෝත්පාදක සහ නව්‍යකරණයක් කෙරෙහි තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරන බව, වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 20:31

    Latest News