ජීව අත්බෝම්බ 3ක් නිෂ්ක්‍රීය කරයි

මැයි 16, 2019

    දඹුල්ල,ගල්වැටියාය ප්‍රදේශයේ මාර්ගයක් අසළ දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ තුනක් අද පෙරවරුවේ සොයාගෙන තිබේ.

    මෙම ප්‍රදේශයට ගවයින් රැගෙන ගිය තරුණයෙකු පොලිතින් බෑගයක තිබූ මේවා දැක පසුව පොලීසියට දැනුම් දි තිබේ. වහාම ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානයට පැමිණ එම ස්ථානය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගැනිණ.

    පසුව සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිශ්ක්‍රීය අංශයට මේ පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව ඒවා නිෂ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය. මෙම අත්බෝම්බ එම ස්ථානයට රැගෙනවිත් ඇත්තේ, කවුරුන්ද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 12:30

    Latest News