හැඳුනුම්පතට දැඩි උනන්දුවක්

මැයි 16, 2019

    පෙරවරු 7.30 සිට දහවල් 12.00 දක්වා එක් දින සේවාව යටතේ අයැදුම්පත් බාර ගැනේ. බාර ගැනෙන සියලු අයැදුම්පත්‍ර සඳහා ජාතික හැදුනුම්පත් බාර ගැනේ.

    බාර ගැනෙන සියලු අයැදුම්පත්‍ර සඳහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙන අතර, එක්දින සේවය සඳහා ඉල්ලුම්කරුගේ පැමිණීම අනිවාර්ය බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත කර ඇති, ශාඛා කාර්යාල 331ක් මගින් ද හැඳුනුම්පත් ලබා ගැනීමේ අවස්ථාව සළසා දී තිබේ. පාසැල් ඉල්ලුම්කරුවන් විදුහල්පති හෝ පරිවේණාධිපති මගින් ද වතු ජනතාව වතු අධිකාරී මගින් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වෙයි.

    සෙසු සියලුදෙනා ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් මගින් අයදුම් කළ යුතුයි. අදාළ තොරතුරු සහ උපදෙස් දෙපාර්තමේන්තු චක්‍රලේඛ හා නියෝග පිළිබඳව සහතික කිරීමේ නිලධාරීන් දැනුවත් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 12:46

    Latest News