හාලිඇළ මඩවගුරකට කල එළියක්

මැයි 16, 2019

    හාලිඇල ආසනයේ හාලිඇල ඩෙන්සිල් කොබ්බැකඩුව පාසල ආසන්නයේ පිහිටි ආරාම පාර මඩ වගුරක් බවට පත් වී තිබු බව අප වාර්තාකරු පවසයි.

    ගම්පෙරලිය වැඩ සටහනේ රැපියල් ලක්ෂ 10 ක ප්‍රතිපාදන වෙන් කර මෙම මාර්ගය පිළිසකර කර කොන්ක්‍රීට් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරේ. ඊයේ සවස හාලිඇල ආසන සංවිධායක ජයන්ත කන්නන්ගර මහතා (ඌව පලාත් සභා මන්ත්‍රී) නිරීක්ෂණය කිරීම සඳහා මෙම ස්ථානයට පැමිණ තිබේ.

    පවුල් 40 කට පමණ සෘජුව මාර්ගය අලුත්වැඩියා කිරීමෙන් සෙත සැලසේ. හාලිඇල ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් ද මෙම මාර්ගය නිරන්තරයෙන්ම භාවිතා කරති.

    Latest News