නාමල් කුමාර CIDයට බාරදෙයි

මැයි 15, 2019

    ඊයේ වරකාපොළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්වූ දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ. 

    මොහු සමඟ අත්අඩංගුවට ගෙන සිටි මහසොහොන් බළකායේ ප‍්‍රධානී අමිත් වීරසිංහ, අද (14) දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවත් නව සිංහලේ ජාතික සංවිධානයේ ප‍්‍රධානී බෑන් පි‍්‍රයසාද් මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ පසුවන බව ද පොලිසිය පවසයි.

    සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජාතීන් අතර අසමගිය, වෛරය ඇතිවන ආකාරයේ, සහ මහජනයා භීතියට පත්වන ආකාරයේ අසත්‍ය තොරතුරු පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මූලස්ථානය විසින් පිහිට වූ විශේෂ පොලිස් ඒකකය විසින් මොවුන් පොලිස් අත්අඩංගුවට ගැනිණ.

    Last modified on බදාදා, 15 මැයි 2019 12:33

    Latest News