අධිකරණයේදි බිය හා අපක්ෂපාතී නොවන්න...... අගවිනිසුරු වැඩ අරඹමින් කියයි

මැයි 15, 2019

    ශ්‍රී ලංකාවේ 47 වන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද පැවැත්විණ. 

    කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ පැවති මෙම උත්සවයට ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ විනිසුරුවරු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    නව අග විනිසුරුවරයා පිළිගනිමින් නීතිපති දප්පූල ලිවේරා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්වරුන් අදහස් පළ කළේය.

    නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා උත්සව සභාව අමතනු ලැබුවේය.

    මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා තිබෙන විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ පරම වගකීමක් බව සඳහන් කළ අගවිනිසුරු ජයසූරිය මහතා එක් විනිසුරුවරු වරයෙකු හෝ එම විශ්වාසය කඩ කරනු ලැබුවොත් ඉන් සමස්ත අධිකරණ පද්ධතියටම පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවිය හැකි බව සඳහන් කළේය. විනිසුරුවරු විවෘත මනසකින් කටයුතු කළ යුතු බවත් හොඳින් ඇහුම්කන් දීම සිදුකළ යුතු බවත් අගවිනිසුරු ජයන්ත ජයසුරිය කියා සිටියේය. අධිකරණ කටයුතුවල දී බියකින් තොරව අපක්ෂපාතී අයුරින් සිය රාජකාරි ඉටු කිරීම විනිසුරුවරුන්ගේ ප්‍රමුඛ වගකීමක් යුතු බව ඔහු පෙන්වා දුනී.

    මෙම අවස්ථාවට ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු විශාල පිරිසක්ද එක්ව සිටියේය.

    නීතිපති ලෙස සේවය කළ ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ඉකුත්දා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත ජනාධිපති විසින් නව අගවිනිසුරු වරයා ලෙස පත් කරනු ලැබුවා.

    Last modified on බදාදා, 15 මැයි 2019 16:36

    Latest News