වසා දැමූ භික්ෂු විශ්වවිද්‍යාලය 20 යළි ඇරඹේ

මැයි 15, 2019

    රටේ පැවති තත්ත්වය සැලකිල්ලට ගෙන දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමු අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු එළඹෙන මැයි 20 වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලයිය පාලනාධිකාරිය තීරණය කර තිබේ.

    මේ අනුව අභ්‍යන්තර නේවාසික පහසුකම් හිමි සියලු ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට මැයි මස 19 වෙනි දින සිට නේවාසිකාගාර වලට පැමිණීමට පහසුකම් සලසා ඇති බව එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී යු.ඩි.දොඩම්වල මහතා පවසයි.

    එළඹෙන මැයි මස 20 වන දිනෙන් ආරම්භවන සතිය අධ්‍යයන නිවාඩු කාලය වන අතර මැයි මස 29 වෙනිදා සිට 2017/2018 අධ්‍යයන වර්ෂයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වෙන  පළමු සමාසිකයේ සමාසිකාන්ත පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් ඔහු පවසයි.

    Last modified on බදාදා, 15 මැයි 2019 12:39

    Latest News