රෑට යන වැලි ලොරි පරීක්ෂාවට

මැයි 15, 2019

    රටපුරා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක අවස්ථාවල දී ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති වාහනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ.

    මනම්පිටිය හා කන්තලේ ප්‍රදේශයේ සිට රට ඇතුලට රාත්‍රී කාලයේ වැලි ටිපර් විශාල වශයෙන් ප්‍රවාහනය කෙරෙන අතර ඒවා සියල්ලම නවතා පරීක්ෂා කිරිම සිදු කෙරේ.

    පොලොන්නරුව,ත්‍රිකුණාමලය,අනුරාධපුර,දිස්ත්‍රික්ක සියල්ල මධ්‍ය ස්ථානය බවට පත්ව ඇත්තේ දඹුල්ල නගරයයි. ඒ අනුව 14 දින මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රධාන මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරන වැලි ටිපර් දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ මිරිස්ගොනියාව හන්දිය ආසන්නයේ පොලිස් මාර්ග බාධකය ඉදිරිපිට දී පරීක්ෂා කෙරේ.

    රටේ හදිසි ඇදිරිනිතියක් ක්‍රියාත්මක වන අවස්ථාවල දී ප්‍රවාහනඅවසර පත්‍රයක් නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි. රෝහල් ප්‍රතිකාර,අධ්‍යාපන,අධිකරණ,තරග විභාග,විදේශ ගතවීම ආදිය සඳහා ඒ අනූව අවසර පත්‍ර නිකුත් කෙරේ.

     weli tipar 01

    vlcsnap 2019 05 15 08h45m49s474

    vlcsnap 2019 05 15 08h47m40s770

    Last modified on බදාදා, 15 මැයි 2019 09:44

    Latest News