ඇදිරි නීතිය ඉවත් කෙරුණ ද රට තුළ හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි .ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් රට පුරා හදිසි නීතිය පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ ඉකුත් අප්‍රේල් පළමු වැනිදායි.
රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා එසේ කිරීම අවස්ථානුකූලයැයි අදහස් කරන බැවින් හදිසි නීතිය පනවන බවයි, එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.