වයඹ ජනජීවිතය යථා තත්වයට

මැයි 15, 2019

    වයඹ පළාතේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු අද (15) දිනයේ යළි ආරම්භ කෙරෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පවසයි.

    ඔහු පවසන්නේ සියලු රාජ්‍ය ආයතනවල කටයුතු ද සුපුරුදු පරිදි අද සිට යළි ක්‍රියාත්මක වන බවයි. 

    දිවයිනේ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයන් නිසා වයඹ පළාත සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6.00ට අවසන් කෙරිණ. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලටත් ක්‍රියාත්මක කෙරුණ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4.00ට අවසන් කෙරිණ.  කෙසේ වෙතත් වයඹ පළාත තුළ ජන ජිවිතය සුපුරුදු පරිදි පවත්වාගෙන යන ලෙසයි  ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ජනතාවට දැනුම් දෙන්නේ.

    Last modified on බදාදා, 15 මැයි 2019 09:19

    Latest News