ත්‍රස්තවාදය මර්දනය, රට ගොඩනැගීමට ඒකාවන්ව දායකත්වය දෙන්න- විපක්ෂ නායක ඉල්ලීමක්

මැයි 10, 2019

    බිදවැටුණු ආර්ථිකය, ආරක්ෂාව හා සංහිදියාව ගොඩනැඟීමත් ජනතාව තුළින් මරබියත් නැති කිරීම දැනට තිබෙන අභියෝගය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසයි.

    මෙවැනි ත්‍රස්තවාදයක් මර්දනය කිරීමට ජනතා සහයෝගය අවශ්‍ය බවත් එකවන්ව එක් වී රට ගොඩනැගීමට දායකත්වය ලබාදෙන ඉල්ලා සිටින්නේ යැයි ඔහු කියා සිටියේය.

    විපක්ෂනයකවරයා, අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශකළේ, පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ වත්මන් තත්ත්වය විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා “ප්‍රහාරය සියලු ශීලාචර ලෝකය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා. බිදවැටුණු ආර්ථිකය, ආරක්ෂාව හා සංහිදියාව ගොඩනැඟීමත් ජනතාව තුළින් මරබිය නැති කිරීම අපිට ඇති කිරීම අභියෝගයයි. මෙවර තත්ත්වය මීට පෙර තිබූ ත්‍රස්තවාදයට වඩා වෙනස්. ජනතා සහයෝගය මෙවැනි ත්‍රස්තවාදයක් මර්දනය කරන්න අවශ්‍ය වෙනවා. එකාවන්ව එක් වී රට ගොඩනැගීමට දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

    එක මතයක් විශ්වාසවන්තව ඉදිරිපත් කරන්න නොහැකිවෙලා. එක මතයක් යන්නේ නෑ, ජනතාව අතර සැකයක් ඇති වෙනවා. කටකතා ඉතාම දරුණු ලෙස ප්‍රචාරය වෙනවා. දරුවන් අනාරක්ෂිතව පාරට ගැනීම නැවත සිත බැලිය යුතුයි. පාසල් දිගටම වස දැමීම කරන්න බෑ. කාගෙවත් බලපෑම්වලට විමර්ශන අඩපනකරන්න දෙන්න එපා. විමර්ශනවලට ආරක්ෂ අංශවලට නිදහස දෙන්න. මුස්ලිම් ප්‍රජාවගේ අති බුහුතරයක් මේ අන්තවාදයට කැමැති නෑ. මේ අන්තවාදය විනාශ කළ යුතුයි. කටකතා පතිරෙන්න ඉඩ දෙන්න එපා“ යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය

     

     

    Last modified on සෙනසුරාදා, 11 මැයි 2019 11:57

    Latest News