ගුවන් තොටුපලේ මගී පහසුවට නව ආරක්ෂක සැළැස්මක්

මැයි 10, 2019

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙන මගීන් සඳහා නව ආරක්ෂක සැලැස්මක් ගුවන් හමුදාව විසින් හඳුන්වා දී තිබේ.

    පසුගිය අප්‍රේල් 21 වන දින ඇති වු ඛේදවාචකය හේතුවෙන් ගුවන් හමුදා විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබීය.

    ඒ අනුව රථ වාහන ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීම නිසා ගුවන් ගමන් යෑමට සහ දිවයින්ට පැමිණෙන ගුවන් මගීන්ට සැලකිය යුතු තරමේ අපහසුතාවයක් ඇති විය.

    කෙසේ වෙතත් ඒ අනුව ගුවන් ගමන් යෑමට පැමිණෙන මගීන් සඳහා ඔවුන්ගේ වාහනවල සිට සහ දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ට වාහන වෙත යෑම සඳහා ටික දුරටක් පයින් ගමන් කිරීමට සිදුවිය.

    ඒ අනුව මේ වනවිට ගුවන් තොටුපලට පැමිණෙන හා පිටත්ව යන මගීන්ගේ වාහන නැවත වතාවක් ගුවන් තොටුපල වෙත ඇතුළු කිරීමට අවසර හිමිව තිබේ.

    එසේම ගුවන් තොටුපල කුලී රථ ප්‍රවාහන සේවයේ රථ සඳහා පැමිණිමේ පර්යන්තය ආසන්නයටම පැමිණීමට පහසුකම් සලසා දී ඇති අතර, එම සේවාව ලබා ගැනීමට කැමැත්තක් දක්වන මගීන්ට පැමිණීමේ පර්යන්තයෙන්ම කුලී රථ වෙන් කරවා ගැනීමේ පහසුකම ලබා ගත හැක.

    එසේම පර්යන්තයෙන් පිටතදී ඔවුන් හට එම රථයට ගොඩවීමේ පහසුකම ද ලබා දී ඇත.

    ගුවන් තොටුපල පැමිණෙන ඕනෑම මගියෙකුට නව වැඩපිළිවෙල පිළිබඳ වැඩිදුර විස්තර ගුවන් තොටුපල ගුවන් හමුදා නිලධාරීන්ගෙන් විමසිය හැකියි.

    Latest News