update-වරකාපොළ සැකකරු භාවිත කළ වෑන් රථය හා සැකකරුවෙක් අල්ලයි

අප්‍රේ 24, 2019

    වරකාපොළ පොලිස් වසමේ අඟුරුවැල්ල පාර, මස්ජිත් මාවතේ නිවසක් පරීක්ෂාකර අත්අඩංගුවට ගත් සැකකරුට අමතරව එම නිවසේ සිටි තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන තිබේ.

    පිපිරීම් සම්බන්ධයෙන් වරකාපොළ දී අත්අඩංගුවට සැකකරුවන් භාවිත කළ බවට සැක කෙරෙන SGPH 3779 දරණ වෑන් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

    ඊට අමතරව හෙම්මාතගම පොලිස් වසමේ දී මොවුන් හා සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අනූව, වරකාපොළ පොලිස් ස්ථානයේ මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් 03ක් රඳවා සිටින අතර වෑන් රථය, යතුරුපැදිය වෝකි ටෝකි 4 ද වරකාපොළ පොලිස් භාරයට ගන තිබේ.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 09:43

    Latest News