කොළඹ ප්‍රහාරයේ ඝාතකයන් නායකයා සමග වීඩියෝවක් මාධ්‍යයට (වීඩියෝ)

අප්‍රේ 24, 2019

    පසුගියදා කොළඹට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ ඝාතකයන් අයිඑස් ත්‍රස්තවාදි සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි ඉදිරියේ පක්ෂපාතීත්වය ප්‍රකාශ කරන වීඩියෝවක් රොයිටර් පුවත් සේවය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

    ඒ අයිඑස් සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති ඒජනිසිය නිකුත් කළ තොරතුරු සහ වීඩියෝව උපුටා දක්වමින්.

    පුද්ගලයන් 321 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් පාස්කු ඉරිදා දිනයේ මෙම ප්‍රහාර එල්ල විය. තුවාලකරුවන් ගණන 500කට අධිකයි.

    එම ප්‍රහාරයේ වගකීම අයිඑස් හෙවත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය බාරගනු ලැබීය. එම ප්‍රහාරයේ වගකීම බාරගන්නා බව දැක්වෙන ප්‍රකාශයන් ඔවුනගේ අමාක් සේවාව මගින් ලබා දී තිබූ බව රොයිටර් ඇතුළු අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවා ගණනාවක් ඊයේ ප්‍රකාශ කළේය. නවතම වීඩියෝව එම සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති සේවය නිකුත් කර තිබුණේ ඊයේ මධ්‍යම රාත්‍රී වන විටයි.

    ප්‍රහාරකයන් 8 දෙනෙකු අබු බකාර් අල් බැග්ඩෑඩි ඉදිරියේ පක්ෂ පාතීත්වය ප්‍රකාශ කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා. ඉන් 7 දෙනෙකු තම මුහුණු ආවරණය කරගෙන සිටින අයුරු දැකගන්නට පුලුවන්. කෙසේ වෙතත් ප්‍රහාරකයන් කවුරුන්දැයි නිල වශයෙන් හඳුනාගත නොහැකි බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.

    https://www.youtube.com/watch?v=92IyzRCTMQA

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 08:27

    Latest News