පස් කන්දකට යටවී වරකාපොළ පුද්ගලයෙක් මරුට

මැයි 14, 2021

    වරකාපොළ, ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ නායයාමක් නිසා පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට 611 බලසේනාවට අයත් 8 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් කටයුතු කළේය.

    පස්කන්දට සිර වී සිටි අයෙකු ඉන් මුදා ගන්නා අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි අතර එම ස්ථානයේම පස් අතර සිරවී සිටි මිය ගිය පුද්ගලයාගේ මව ඉන් මුදාගෙන වරකාපොළ රෝහළට ඇතුළත් කෙරිණ.

    මිය ගිය පුද්ගලයාගේ සිරුර වරකාපොළ රෝහළේ තැන්පත් තිබේ. 

    Latest News