පිපිරීමකින් මාලදිවයිනේ හිටපු ජනපති තුවාල ලබයි

මැයි 07, 2021

    මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා වන වත්මන් කතානායක ධුරයේ කටයුතු කරන මොහොමඩ් නසීඩ් බෝම්බ පිපිරුමකින් තුවාල ලබා තිබේ. මාලදිවයිනේ අගනුවර වන මාලේහිදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි,වාර්තා වන්නේ.

    කතානායකවරයා තම මෝටර් රථයට ගොඩ වීමට සූදානම් වන අවස්ථාවේ දී මෙම බෝම්බය පුපුරවා හැර ඇති අතර අසළ යතුරු පැදියකට බෝම්බය සවි කර තිබූ බව පරීක්ෂණ මගින් හෙළි වී තිබේ.

    මොහොමඩ් නසීඩ් එරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් යටතේ පත්වූ පළමු ජනාධිපිතවරයා ලෙස සැලකෙයි. ඔහුගේ තත්වය යටහපත් බවයි පාලක මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආධාරකරුවන් පවසන්නේ.

    Last modified on සිකුරාදා, 07 මැයි 2021 11:40

    Latest News