මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා වන වත්මන් කතානායක ධුරයේ කටයුතු කරන මොහොමඩ් නසීඩ් බෝම්බ පිපිරුමකින් තුවාල ලබා තිබේ. මාලදිවයිනේ අගනුවර වන මාලේහිදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි,වාර්තා වන්නේ.

පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයෙකු කිලිනොච්චි, ඉයක්කච්චි ප්‍රදේශයේ සිය නිවසේදී බෝම්බයක් සකසමින් සිටියදී පුපුරායාම පිළිබඳව රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇති බව ආරක්‍ෂක අංශ පවසයි.

නේපාලයේ, කත්මන්ඩු අගනුවර බෝම්බ පිපිරීම් තුනකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

කල්මුණේ, සයින්දමරදු ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සහ අන්තවාදී සාමාජිකයින් අතර ඊයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් නිවසක් තුල සිටි කුඩා දැරියක් සහ කාන්තාවක් ඉතා අසිරු මෙහෙයුමකින් බෙරාගෙන තිබේ.

පසුගියදා කොළඹට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ ඝාතකයන් අයිඑස් ත්‍රස්තවාදි සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි ඉදිරියේ පක්ෂපාතීත්වය ප්‍රකාශ කරන වීඩියෝවක් රොයිටර් පුවත් සේවය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

Latest News