බලය දෙන්නැයි, යුධ හමුදාපති ඉල්ලයි

අප්‍රේ 23, 2019

    ති‍්‍රවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශ ඒකාබද්ධ කර බුද්ධි සේවා තවත් ශක්තිමත් කරන ලෙස යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ආරක්ෂක මණ්ඩලයේ දී ඉල්ලීමක් කර තිබේ.

    බුද්ධි අංශ වෙන වෙනම කි‍්‍රයාත්මක වීම නිසා ඇතැම් තොරතුරු එම එක් එක් බුද්ධි අංශ අතර හුවමාරු වීම වේගයෙන් සිදු නොවන බවයි යුද හමුදාපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

    රටේ උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාවන් කි‍්‍රයාකරන අකාරය පිළිබඳව විමසිල්ලෙන් බලා සිටින බවද යුද හමුදාපතිවරයා සිහිපත් කර තිබේ. ඒ අනුව, මහජන ආරක්ෂක පණත යටතේ පරීක්ෂා කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සඳහා හමුදාවන්ට බලය ලබා දෙන්නැයි ද යුද හමුදාපතිවරයා ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

    සිදුවු පිපිරවීම් හෝ වෙනත් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් ජාලයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහා කි‍්‍රයාත්මක වන ලෙසද යුද හමුදාපතිවරයා ආරක්ෂක මණ්ඩලයෙන් තවත් ඉල්ලීමක් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 10:11

    Latest News