සාමසාධක රාජකාරියට මෙරටින් 243ක කණ්ඩායමක් මාලි වෙත

නොවැ 13, 2019

    එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි රාජකාරී සඳහා නිලධාරීන් 243කගෙන් යුත් පිරිසක් අද දිවයිනෙන් පිටත්ව ගියේය.

    විජයබාහු පාබළ රෙජිමේන්තුවේ මෙන්ම, වෛද්‍ය, ඉංජිනේරු සහ සේවා බළකායන්ට අයත් නිලධාරීන් 20ක් සහ සෙසු නිලවලට අයත් 223ක් මීට අයත්. ඔවුන් රැගෙන යෑම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767- 300 වර්ගයේ ගුවන් යානයක් එවා තිබූ අතර, මෙම ශ්‍රී ලාංකික යුධ හමුදා භට පිරිස රැගෙන, එම ගුවන් යානය 11/13 දින අලුයම 3.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් මාලි රාජ්‍යය බලා පිටත්ව ගියේය. මෙම භට පිරිස වෙත සුභ පැතීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

    මෙම නික්ම යාමට නියමිත පිරිස විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා වෙත පිරිනමන ලද සම්මාන ආචාර පෙළපාලිය 2019 නොවැම්බර් මස 06 වැනි දින කුරුණෑගල, බෝයගනේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.

    IMG 20191113 WA0002

    IMG 20191113 WA0005

    IMG 20191113 WA0007

    IMG 20191113 WA0013

    IMG 20191113 WA0009

    IMG 20191113 WA0015

    IMG 20191113 WA0017 1

    IMG 20191113 WA0012

    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 10:30

    Latest News