විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බවට කියන පුවත් යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි

ජූලි 11, 2022

    කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයට පසුගිය 9 වැනිදා ඇතුලුවීමට උත්සාහදැරූ විරෝධතාකරුවන්ට යුද හමුදා භටපිරිස් හිතාමතා හානිකිරීමේ අරමුණින් වෙඩි තැබූ බවට ප්‍රචාරය වන වීඩියෝ පට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ.

    විරෝධතාකරුවන් ඉලක්කකොට වෙඩි තැබූ බව පවසන මෙම සමාජ මාධ්‍ය පුවත් යුද හමුදාව ප්‍රතික්‍ෂේප කරන බවත්, විරෝධතාකරුවන් එම පරිශ්‍රය වෙත ඇතුලුවීම වැළැක්වීම සඳහා අහසට සහ ජනාධිපති මන්දිරයට ඇතුලුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවයි යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

    Latest News