මෘත ශරීර හඳුනා ගැනීමට ඉල්ලීමක්

අප්‍රේ 23, 2019

    ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරිම් හේතුවෙන් මිය ගිය අයගේ මෘත ශරීර හදුනා ගැනීම සම්බන්ධවයි. 

    පසුගියදා ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් වලින් මිය ගිය පුද්ගලයීන්ගේ මෘත ශරීර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පවතින බැවින් එහි පැමිණ මෘත ශරීර හදුනා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා ඉල්ලා සිටි.

    මේ වන විටත් අනන්‍යතාවය හදුනා නොගත් දේශීය හා විදේශීය පුද්ගල මළ සිරුරු පවතින බැවින් මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට පැමිණ අදාළ පුද්ගලයින්ගේ මෘත ශරීර හදුනා ගැනීමට හැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

    ලිපිනය - කොළඹ 10, ප්‍රැන්සිස් පාරේ, අංක 111 දරන ස්ථානයේ පිහිටි, අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත පැමිණ අදාළ මෘත ශරීර හදුනා ගත හැකි.

     

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 11:01

    Latest News