ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

අප්‍රේ 23, 2019

    හදිසි නීති රෙගුලාසි යටතේ ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ වගනිත්වලට අදාළව 2120/ 3 යටතේ එම ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.

    එම ගැසට් නිවේදනයට අනුව මෙරට හදිසි තත්ත්වයක් ඇතිවීම හේතුකොට ගෙන මහජන ආරක්‍ෂාව රටේ පැවැත්ම සුරක්‍ෂිත කිරීමට හා ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම යන කරුණු යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
    මේ අතර 2120/ 4 යටතේ තවත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    57936070 599934913843588 8790942725059903488 n

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 09:16

    Latest News