කොල්ලුපිටියේ දී සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් වළකයි

අප්‍රේ 18, 2019

    කොල්ලුපිටිය දුම්රිය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්ගැනීමට පුද්ගලයෙක් සමත්ව තිබේ.

    දුම්රිය නැවතුම්පොළේ සිට මීටර් 500ක් පමණ ගාල්ල දෙසට වූ මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ඇති අයුරු දුටු පුද්ගලයෙක් කොල්ලුපිටිය දෙසට පැමිණෙමින් තිබූ දුම්රිය නැවැත්වීම සඳහා සංඥාකර තිබේ. එය දුටු දුම්රිය රියදුරු දුම්රිය නැවැත්වීමට කටයුතු කර ඇති අතර සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගැනීමට හැකිවූ බවයි අප දුම්රිය රියදුරු ප්‍රකාශ කළේ. අනෙක් මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර කැඩී ගිය පීල්ල සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2019 12:29

    Latest News