තෝරමින් සිටි මාල පෙට්ටිය රැගෙන පළා යයි

අප්‍රේ 18, 2019

    අම්බලන්ගොඩ බස් නැවතුම ඉදිරිපිට පිහිටි ස්වර්ණාභරණ වෙළඳසැලක් මංකොල්ල කා පුද්ගලයින් දෙදෙනෙක් පලා ගොස් තිබේ.

    සොරකම සිදුව ඇත්තේ ඊයේ (17) සවස 5.45ට පමණ. වෙළඳ සැලට පැමිණි පුද්ගලයෙක් රන් මාල ප්‍රදර්ශනය කර තිබු රඳවනයක් ගෙන එහි තිබූ රන් මාල තෝරමින් සිට අවස්ථාවේ දී මුහුණු ආවරණයකළ පුද්ගලයෙකු පිස්තෝලයක් අතින් ගෙන වෙළඳ සැල තුළට පැමිණ තිබේ.

    අනතුරුව වෙළඳ සැලේ සිටි පිරිස බිය ගන්වා තෝරමින් සිටි පුද්ගලයා රන් මාල පෙට්ටිය රැගෙන අනෙක් සැකකරු සමග යතුරුපැදියකින් පළා ගොස් තිබේ. රන් මාල 6ක් පමණ අදාළ එම පෙට්ටිය තුළ වු බවත් වටිනාකම රුපියල් ලක්ෂ 4 ක් පමණ වන බවයි, එහි හිමිකරු පවසන්නේ.

    අදාළ සොරකම සිදුවන ආකාරය වෙළඳ සැල තුළ වු සී.සී.ටීවී කැමරාවේ සනිටුහන්ව තිබේ. සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2019 12:47

    Latest News