දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පෙබ 03, 2024
    හෙට (04) දිනයේ මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබනෙවා.

    මහලේකම් දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල පෙරවරු 05.00 සිට පෙරවරු 09.00 දක්වා මෙලෙස දුම්රිය නොනවත්වන බව දැනුම් දී ඇත.

    නිදහස් උත්සවය සඳහා සහභාගි වන ප්‍රභූවරුන්ගේ සහ පෙළපාළිය සඳහා සහභාගි වන ත්‍රිවිධ හමුදා හා පොලිස් භට පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.

    Latest News