අනතුරට පත් වූවන් "1990" මගින් ක්ෂණිකව රෝහල් ගත කෙරේ (වීඩියෝ)

අප්‍රේ 18, 2019

    අද (18) බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටීම නිසා සිව් දෙනෙකුට තුවාල සිදු විය.

    මේ අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා 1990 ගිලන් රථය මගින් ක්ෂණිකව බදුල්ල මහ රෝහලට රැගෙන යනු ලැබිණි.

    උදෑසන 7.42 ට පමණ හාලිඇල දෙස සිට බදුල්ල දෙසට ධාවනය වුණු ත්‍රිරෝද රථය හාලිඇල ඉන්දන පිරවුම්හල දෙසට හරවනවාත් සමග බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වුණු මෝටර් කාර් රථය සමඟ ගැටීම නිසා මෙම අනතුර සිදුවිය. මෙම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හාලිඇල පොලීසිය මගින් පවත්වනු ලබයි. මෙම අනතුරට හේතුව මෝටර් කාර් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාරවනය බව හාලිඇල පොලීසිය පවසයි.

    Last modified on සිකුරාදා, 19 අප්‍රේල් 2019 15:42

    Latest News