දඹුල්ල ආර්ථිකයේ 20 සමරන්න ගිහින් 25ක් තුවාල 1 මරුට

අප්‍රේ 02, 2019

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කොට 20 වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ(01) පැවති සංගීත සාදය අවසන් වෙද්දී ඇතිවූ ගැටුම් හා රිය අනතුරුවලින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

    මියගොස් ඇත්තේ රොෂාන් විජයරත්න(21) නමැති තරුණයෙක්. ඔහු හිස්වැසුම් නොමැතිව අධික බීමතින් යතුරුපැදියකින් ගමන් කළ කළ ඇති අතර මාර්ගයේ ගමන් කරමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුරට ලක්වී තිබේ.

    දඹුල්ල මහනගර සබාවේ සේවය කරන කම්කරුවන් දෙදෙනකු අලුයම සේවයට ගමන් කරමින් සිටියදී කැබ් රථයකින් සේවකයන් දෙදෙනා අනතුරට ලක්කර පලාගොස් ඇති බවත්, ඔවුන් රෝහල් ගතකර ඇති බවත් අප වාර්තාකරු පවසයි. දඹුල්ල මූලික රෝහලේ   තුවාල ලබා පැමිණි සිටි සියලු දෙනා අධික බීමතින් සිටීම නිසා ප්‍රතිකාර කිරීම පවා අපහසුතාවයට පත්වූ බව රෝහල් සේවකයෝ පවසති.

    දඹුල්ල පොලිසිය ප්‍රකාශ කළේ අලුයම් කාලය වනතුරුම විශාල පිරිසක් සංගීත සංදර්ශනය නරඹා නැවත නිවෙස් වලට ගමන් කරද්දී මාර්ග නීති සියල්ල උල්ලංඝනය කරමින් ඉතා අශෝභන ලෙස කෑකෝ ගසමින් හැසිරීම හා බීමතින් එකිනෙකා අතර ගැටුම් ඇති කර ගැනීම නිසා ඒවා පාලනය කිරීමට ඉතා අසීරු වූ බවයි.

    සිද්ධි සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

    sangithe 05jpg

    sangithe 03

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 13:42

    Latest News