අපේක්ෂා රෝහලට විකිරණ යන්ත්‍ර 2ක්

අප්‍රේ 02, 2019

    මහරගම අපේක්ෂා රෝහල සඳහා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 2ක් මිල දී ගැනීමට අපේක්ෂිතයි.

    ඒ සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ෆයිට් කැන්සර් ආයතනය සමඟ ඊයේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණ. පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සඳහා ටොමෝතෙරපි සහ ලීනියර් ඇක්සලරේටර් යන යන්ත්‍ර මිල දී ගැනීමට නියමිතයි. ඒ සඳහා මෙම අවබෝධතා ගිවිසුම යටතේ අරමුදලක් ස්ථාපිත කර තිබේ. රුපියල් කෝටි 100ක මුදලක් විවිධ පරිත්‍යාගශීලීන් හරහා එක්රැස්කර ගැනීම අරමුණයි.

    ඊට මූලිකත්වය ගනු ලබන්නේ, ෆයිට් කැන්සර් ආයතනයේ නිර්මාතෘ දේශමාන්‍ය එස්.එස්.එම්. මෙහොමඩ් මහතා විසින්. මීට පෙර මහරගම අපේක්ෂා රෝහලට පෙට් කැන්සර් යන්ත්‍රයක් ලබාදීමට ද මූලිකත්වය ගත්තේ ද ඔහුයි. මෙම අති නවීන යන්ත්‍ර මිල දී ගැනීමෙන් පසු, මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ට ලොව ඉහළම විකිරණ ප්‍රතිකාර ලබාගත හැකි බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 10:15

    Latest News