මහියංගනය රිය අනතුරකින් 2ක් මරුට

අප්‍රේ 02, 2019

    මහියංගනය - පොළොන්නරුව මාර්ගයේ පැලෑටියාව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අනතුර සිදුව තිබෙන්නේ රාත්‍රී 8.00ට පමණ. නවතා තිබූ ලොරියක පිටුපස, සිරපුර සිට කඳුරුවෙල බලා ධාවනය වූ තවත් ලොරියක් ගැටීමෙන් එහි ඉදිරිපස ගමන් ගත් දෙදෙනෙකු මෙලෙස මියගොස් තිබේ. ඒ, පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. ධාවනය වෙමින් තිබූ ලොරියේ පසුපස සිටි දෙදෙනෙකු ද අතරින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 09:05

    Latest News