හෝමාගම දුමෙන් වැසෙයි

ජන 08, 2024
    හෝමාගම කටුවාන ප්රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක දුමක් හටගෙන ඇති බව පොලීසිය පවසනවා.

    හෝමාගම පොලීසිය සඳහන් කළේ, මේ වනවිට පවතින මීදුම් සහිත තත්ත්වයට ක්ලෝරීන් එකතුවීමකින් මෙම තත්ත්වය හටගත් බවයි.

    කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින්ට මේ පිළිබඳ දැනුවත් කර ඇති බවත් සියලුදෙනා මුඛ ආවරණ පැලඳ සේවයේ නිරත වෙන ලෙසත් පොලීසිය දැනුම් දී තිබෙනවා.
     
    යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින්නේ නම් වහාම රෝහල්ගත වෙන ලෙස ද පොලීසිය දැනුම් දී තිබෙනවා.

    Latest News