හෝමාගම ඇඟලුම් කම්හලකින් ආසාදිතයින් 13ක්

ජන 17, 2021

    හෝමාගම,නියදගල විදර්ශනා මාවතේ ඇඟලුම් කම්හලකින් ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ‍ධනුක පද්ම රාජ මහතා පවසයි.

    මේ හේතුවෙන් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 133 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

    ඇඟලුම් කම්හලේ සේවය කළ තිදෙනෙක්ට කොරෝනා රෝග ලක්ෂණ වැළඳී තිබූ අතර ඒ බව පාලනාධිකාරිය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේ දී සේවකයින් තිදෙනෙක් ආසාදිතයින් බවට හඳුනාගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසයි.

    ඒ අනූව ඇගලුම් කම්හලේ සේවය කරන ආශ්‍රිතයින් එකසිය හතළිස් තුන් දෙනෙක් පීසීආර් පරීක්ෂණයට ලක් කළ අතර එහි ප්‍රතිඵලවලට අනූව තවත් ආසාදිතයින් 10 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඒ අනූව සෙසු එකසිය තිස් තුන් දෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පවසයි.

    Latest News