හෝමාගම හෙට ජල කප්පාදුවක්

නොවැ 18, 2020

    හෙට රාත්‍රී 9.00 සිට පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

    ඒ හෝමාගම - ගලවිලවත්ත ජල පොම්පාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

    ඒ අනූව, හෝමාගම,පන්නිපිටිය සහ මත්තේගොඩ යන ප්‍රදේශවල මෙලෙස හෙට රාත්‍රී 9.00 සිට අනිද්දා පෙරවරු 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති. ‍

    මේ අතර, මොරටුව ජල පොම්පාගාරයේ නල මාර්ගයක අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පස්වරු 8.00 සිට පසුදින පෙරවරු 8.00 දක්වා පැය 12ක කාලයක් මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති.

    Latest News