හෝමාගම ප්‍රදේශයේ මනාල යුවල දෙකකට කොරෝනා

ජන 24, 2021

    හෝමාගම ප්‍රදේශයේ විවාහ උත්සව දෙකක මනාල යුවල දෙකකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසයි.

    ඒ අතරින් පාදුක්ක වටරැක ප්‍රදේශයේ පැවති විවාහ උත්සවය සැමරීම දින තුනක් ස්ථාන තුනකදී සිදුකර ඇති බවද අනාවරණය වී තිබේ.

    එම උත්සව අවස්ථා තුන, කඩුවෙල රණාල ප්‍රදේශයේ නිවසකත් පාදුක්ක මීපේ ප්‍රදේශයේ හෝටලයකත් පාදුක්ක වටරැක ප්‍රදේශයේ නිවසකත් පවත්වා තිබුණි. නිවසේ පැවති උත්සවය සඳහා අවසරගෙන නොමැති බව ද අනාවරණය වී ඇත.

    උත්සව තුනෙන් පසු අදාළ මනාල යුවල නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් සිටියදී ඇති වු රෝගී තත්ත්වයක් මත සිදුකළ PCR පරීක්ෂණයකදී එම දෙදෙනාම ‍කොරෝනා වෛරස ආසාදිතයින් බව තහවුරු වී ඇත.

    මේ හේතුවෙන් අදාළ උත්සව තුනටම සහභාගී වූ පවුල් 100 කට වැඩි ප්‍රමාණයක පිරිසක් නිරෝධායනය සඳහා යොමු කරමින් සිටින බවද ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.

    අනෙක් කොවිඩ් - 19 ආසාදිත මනාල යුවල හෝමාගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක මංගල උත්සවය පවත්වා ඇති අතර ඔවුන් දෙදෙනාට ද ඇති වූ රෝග ලක්ෂණ හේතුවෙන් සිදුකළ PCR පරීක්ෂණයේදී ආසාදිතයින් බව තහවුරු වී තිබේ.

    Latest News