යුක්තියේ මෙහෙයුමට තවත් 955ක් කොටු

ජන 08, 2024
    අද අළුයම 12.30 න් අවසන් වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 39 දෙනෙකු රැඳවුම් නියෝග මත, වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

    මත්ද්රව්යවලට ඇබ්බැහිවූ පුද්ගලයන් 31 දෙනෙකු පුනරුත්ථාපන මධ්යස්ථාන වෙත යොමු කෙරුණා. පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත ලැයිස්තුවේ සිටි සැකකරුවන් 51 දෙනෙකු මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනුණා.

    හෙරොයින් ග්රෑම් 435 ක්, අයිස් ග්රෑම් 261 ක්, ගංජා කිලෝ 3 කට ආසන්න ප්රමාණයක්, මාවා මත්ද්රව්ය කිලෝ 4 කට ආසන්න ප්රමාණයක් සහ තුල් මත්ද්රව්ය ග්රෑම් 448 ක් මෙහෙයුමේදී පොලිස් බාරයට ගැනුණා. මත් පෙති 1400 කට වැඩි ප්රමාණයක්, ගංජා සුරුට්ටු 12 ක්, මදනමෝදක ගුලි ග්රෑම් 41 ක් සහ කංසා පැල 58,234 ක් පොලිස් බාරට ගැනුණු මත්ද්රව්ය අතර වනවා.

    Latest News