වෘත්තිය සමිති මුවාවෙන් ත්‍රස්ත ක්‍රියාවක්... චමීර පෙරේරා

මාර් 27, 2019

    හෙද සංගම් දින දෙකක් තුළ ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පරීක්‍ෂණයක් සිදු කළ යුතු බව, ජාතික මහජන පෙරමුණ පවසයි.

    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වෘත්තිය සමිතියක් විසින් මෙහෙයවුවද එය පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාමාර්ගක් බව, ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා අද ප්‍රවෘත්ති සාකච්ජාවකදී කියා සිටියේය.
    චමීර පෙරේරා....
    ජාතික මහජන සභාව සංවිධානයක් ලෙස වෘත්තිය ක්‍රියාමාර්ග පිළිගන්නවා. නමුත්, ඊයේ සහ අද ක්‍රියාත්මක වුණේ යම් දේශපාලන සංවිධානයකට මුලික වූ භික්ෂුන් වහන්සේ නමක් විසින්. අභයාරාමය මූලික කොට පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වීම කවුරුත් දන්නා කරුණක්. ඒ අනුව මෙය ප්‍රබල ලෙස කියන්න පුලුවන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් නොවෙයි දේශපාලන කණ්ඩායමකගේ ක්‍රියාමාර්ගයක් කියලා. එමෙන්ම මෙම භික්ෂුන් වහන්සේ වැඩ වර්ජනයට යාමට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ජාවක් පවත්වලා තියෙනවා. එම සාකච්ජාවලදී එකඟතාවට පැමිණි බව ද වාර්තා වනවා. එවැනි එකඟතාවක් තිබියදී මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනු ලැබුවේ. ඒ වගේම වැඩවර්ජනයට සහයෝගය නොදක්වමින් සේවයට පැමිණි නිලධාරීන්ට රාජකාරිය ඉටු කිරිමට නොහැකි වන අන්දමට කාර්යාලවලට ඉබි යතුරු දමා වසා තිබුණා. එවැනි ක්‍රියාමාර්ගයක් ගැනිම රජයේ සේවකයන්ට අයිතියක් නැහැ. ඒ වගේම රජයේ සේවකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා වෘත්තිය ක්‍රියාමාර්ග මුවාවෙන් දේශපාලන මෙහෙයුම්වල නිරත වන පිරිස්වලට හසු නොවන්නා ලෙස. ඒ වගේම රාජකාරි කිරිමට පැමිණි නිලධාරින්ට බාධා කිරිම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් නොව ඒක ත්‍රස්තවාදයක්. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන්න කියලා. රෝගීන්ව බිත්තියට හේත්තු කරලා තමුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගන්න ඉඩදෙන්න බැහැ. එවැනි අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිම රජයේත් සෞඛ්‍ය අමාත්‍යාංශයේත් වගකීමක් යැයි ඔහු කියා සිටියේය.

    Last modified on බදාදා, 27 මාර්තු 2019 20:28

    Latest News