ඩුබායි අත්අඩංගුවේ සිටින මධුෂ්ගේ ඉල්ලීම ඉවතට

මාර් 27, 2019

    ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ශ්‍රි ලංකාවේ දී අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළේය.

    ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම සලකා බැලිය.

    මාකඳුරේ මධුෂ්ගේ පුංචි අම්මා කෙනෙකු වන ඒ. ශ්‍රියානි විසින් පෙත්සම ඉදිරිපත් කර තිබිණ.

    විදේශයක සිටින පුද්ගලයකු වෙනුවෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බව පෙන්වමින් නීතිපතිවරයා මූලික විරෝධතාවක් මතු කළේය.

    මූලික විරෝධතාව පිළිගනිමින් විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කෙරිණ.

    Latest News