රට අන්තවාදී දඩබිමක් වන යක්‍ෂාගමනය නතර කළ යුතුයි - චමීර පෙරේරා

ඔක් 13, 2019

    රට අන්තවාදී දඩබිමක් බවට පත්වීම වළක්වා ගැනීමට යක්‍ෂාගමනය නතර කළ යුතු බව, ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ, කිලිනොච්චියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    එහිදී අදහස් දැක්වූ චමීර පෙරේරා....

    “ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා කියන්නේ දේශපාලනය නොකළ කෙනෙක්. මහජනයා දිනාගැනිමට නොදන්නා පුද්ගලයෙක්. ඔහු හැමවිටම උත්සාහ කරන්නේ ඔහුගේ ආඥාදායකත්වය. වහල් ස්වරූපයේ සමාජයක්. හැංගි, හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට. තව්හිද් ජමාද් සංවිධානයේ නායකයා එළිපිටට ඇවිල්ලා කියනවා අපිට ඕනේ ගෝඨාභය රාජපක්‍ෂ කියලා. ඔහු තමයි එම සංවිධානය පෝෂණය කළ පුද්ගලයා. එක පැත්තකින් තව්හිද් ජමාද් සංවිධානයටත්, අනෙක් පැත්තෙන් බොදු බල සේනා සංවිධානයටත් එකවර ආරක්‍ෂක අමාත්‍යංශයේ රහස් ගිණුම්වලින් පඩි ගෙව්වා කියන එක මේ රටේ ජනතාවට හෙළිදරව් කළා. දැන් අන්න ඒක එළියට ඇවිල්ලා තියෙනවා. මේ අය නැවත වතාවත් සමාජය ඉදිරියට ඇවිල්ලා ගැටුම් හදන යුගයකට ද අපි නැවත යන්නේ. ගෝඨාභය වෙනුවෙන් නැවතත් ඔවුන් පෙනී ඉන්නවා. අන්තවාදීන්ගේ ජඩබිම බවට මේ රට පත්කරනවාද කියන අභියෝගය අපි හමුවේ තියෙනවා. මේ යක් පැටව් මේ රට ගිනි තියනවා. මේ යක්‍ෂාගමනය නතර කළ යුතුයි. ගෝඨාභය රාජපක්‍ෂ පරාජය කළ යුතුයි“ යැයි චමීර පෙරේරා මහතා පැවසීය.

     

    Last modified on ඉරිදා, 13 ඔක්තෝබර් 2019 20:01

    Latest News