අමෙරිකාවේ සහය ලබන ගෝඨාභය ජනතා අධිකරණයේ පරාජය කිරිම ජනතා අපේක්ෂාව- චමීර පෙරේරා (වීඩියෝ)

ඔක් 05, 2019

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා අධිකරණයේදි පරාජය කිරිම රටේ ජනතාවගේ අපේක්ෂාව බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පවසයි.

    තාක්ෂණික ගැටළු උපයෝගි කරගෙන අධිකරණයේ පරාජය කිරිමට පරාජය කිරිමට වඩා ඔහු ජනතා අධිකරණයේදි ලබන පරාජය ඉතා ප්‍රබල බවයි චමීර පෙරේරා කියා සිටින්නේ.

    චමිර පෙරේරා මහතා එ බැව් කියා සිටියේ ජාතික මහජන සභාව අද (05) හැටන් නගරයේ කැදවා තිබු විශේෂ මාධ්‍ය හමුවක් අමතමිණි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවිමට ඇමරිකාව සෘජුවම ඉදිරිපත් වි ඇති බව මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේය. මෙරට ඇමරිකානු තනාධිපති කාර්යයාලයේ නිලධාරින් මේ වන විටත් ගොඨාභය රාජපක්ෂ මහතා දිනවිමට කටයුතු කරන ලෙස මෙරට වෘත්තිය සමිති නායකයින් මුන ගැසි ඉල්ලිම් කරන බවද චමිර පෙරේරා මහතා පැවසිය. අමෙරිකා විරෝධි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් එ පිළිබදව මුනිවත රකින බව ඔහු කියා සිටියේය.

    අධිකරණය අද ස්වාධින වි ඇති බව විපක්ෂය පිලිගන්නා බවත්, 2015 වසරේ ලද ජයග්‍රහණය අධිකරණය ස්වාධින කරවිමට හේතුව වි ඇති බව චමීර පෙරේරා අවධාරනය කළේය. රාජ්‍ය මාධ්‍ය ස්වාධිනවි ඇති බව ඔහු මෙම ප්‍රවෘත්ති සකච්ඡාවේදි කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 20:20

    Latest News