විමල් වීරවංශගේ මිලියන 75ක අයථා ඉපැයීම් නඩුව

මාර් 27, 2019

    හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස උපයාගත් බවට පවරා ඇති නඩුව ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරයි.

    මෙම නඩුව අද(27) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා ඉදිරියේ කැඳවනු ලැබිණි.

    එහිදී විත්ති පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් නම්කර තිබෙන ආයතන අටක පවතින පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්ති පාර්ශ්වයට අවසර ලබාදෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.

    2010-01-01 සිට 2014-12-31 දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීතියානුකූල ආදායම අභිභවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් නීති විරෝධී ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    මෙම කටයුතුවල ප්‍රගතිය සලකා බැලීම සඳහා නඩුව නැවත ජුලි මස 29 වනදා කැඳවන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියම කර ඇත.

    Latest News