බදුල්ලේ නුසුදුසු ආහාර විකිණූ කඩ 13කට නඩු

මාර් 27, 2019

    අද (27) බදුල්ල නගරයේ මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස ආහාර ද්‍රව්‍ය විකිණීමට තබා තිබූ වෙළදසැල් 13 කට විරුද්ධව නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් බදුල්ල නගරයේ ව්‍යාපාරිකස්ථාන 54 ක් පරීක්ෂාවට ලක් කළ බව බදුල්ල මහ නගරසභාවේ සෞඛ්‍ය අංශය සඳහන් කරයි. එම පරීක්ෂාවේදී මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස ආහාර ද්‍රව්‍ය විකිණීමට තබා තිබූ වෙළදසැල් 13 කට විරුද්ධව නඩු පැවරීමට පියවර ගෙනතිබේ.

    මෙම වෙළඳසැල් තුළ පරිභෝජනයට නොසුදුසු ධාන්‍ය වර්ග, නරක් වූ අල, ලූනු, කරවල හා හාල්මැස්සන් යනාදිය අලෙවියට තබා තිබී ඇත. එමෙන්ම කල් ඉකුත් වූ හා ලේබල් නොමැති ඇසුරුම් සහිත ආහාර ද අලෙවියට තබා තිබී ඇත.

    මෙම අහාර ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට කටයුතු කළ බවද බදුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය සදහන් කළේය.

    මේ අතර සෞඛ්‍යට හිතකර ලෙස පවත්වාගෙන යන හෝටල් හා ව්‍යාපාරික ස්ථාන රැසක් නිරීක්ෂණය වූ අතර ඔවුන් අගැයීමට ලක් කර තිබේ.

    බදුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් සිදුකළ මෙම සෝදිසියට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 12 දෙනෙක් සහබාගි වී ඇත. ඉදිරියේදීත් මෙම සෝදිසි කිරීම් සිදුකරන බව බදුල්ල මහනගර සභාව පවසයි.

    Latest News