විදුලිය පිරිමැසිමට රවි කළ යෝජනාවට කැබිනට් අනුමැතිය

මාර් 27, 2019

    දිවයිනේ සෑම නිවසකම දැල්වෙන විදුලි පහන් දෙකක් නිවා දැමීමට සහ රාජ්‍ය ආයතනවල විදුලි පාරිභෝජනය සියයට 10 අඩු කිරිමට අමාත්‍ය රවි කරුණානායක මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය හිමිවි තිබේ.

    පවතින වියලි කාළගුණය හේතුවෙන් මතුවි ඇති විදුලි අර්බුදයට විසඳුම් ලෙසින් අමත්‍යවරයා විසින් මෙම යෝජනාව කර ඇත.

    විදුලි නිෂ්පාදනය යතා තත්වයට පත්වනතුරු විදුලිය අරපිරිමැස්මෙන් පාර්භෝජනය කිරිමෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් විදුලිය ඉතිරි කර ගත හැකි බව එමගින් පෙන්වා දේ. විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරිම සම්බන්ධයෙන් ගෘහස්ත සහ වනිජ්‍ය විදුලි පාර්භෝගිකයින් දැනුවත් කිරිමටත් අමාත්‍යංශය බලපොරොත්තුවේ. අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම සහ සමාන්‍ය වේලාවට වඩා පැයකට කළින් විදුලිය භාවිතය අවසන් කිරිමට විදුලි බල අමාත්‍යංශය යෝජනා කර සිටි.

    Latest News