බස් ගාස්තු ඉහලට - අවම ගාස්තුව එලෙසම

සැප් 01, 2023

    හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4.01 කින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

    අවම බස් ගාස්තුවේ වෙනසක් නැහැ. බස් ගාස්තු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව අදාළ සංශෝධන සම්බන්ධයෙන් බස් රථ හිමි සංගම් සමග සාකච්ඡාවක් අද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේදී පැවැත්වුණා. සියයට 4.01 කින් බස් ගාස්තු ඉහළ දමන ලෙසයි, එහිදී සියලු බස් සංගම් නියෝජතයින් ඉල්ලා සිටියේ.

    මගී ජනතාව වෙනුවෙන් අවම බස් ගාස්තුව වැඩි නොකරන ලෙස කොමිෂන් සභාව කළ ඉල්ලීම අනුව රුපියල් 30 සීමාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට බස් සංගම් එකඟතාවය පළ කළා. ඒ අනුව, අදාළ ගාස්තු ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කළ නිර්දේශය සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා අනුමැතිය ලබා දී තිබෙනවා. ‍

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් වැඩිවීම ගණනය කරමින් බස් ගාස්තු ප්‍රතිපත්තියේ සඳහන් මිල සූත්‍රයට අනුවයි, ගාස්තු සංශෝධනය සිදු වන්නේ.

    Latest News