බස් රථවල හිටගෙන යන අයට ගාස්තුව අඩුවෙන්

ජන 24, 2022

    බස් රථවල හිටගෙන ගමන් ගන්නා මගීන්ගෙන් අඩු මුදලක් අය කළ හැකි පරිදි නව බස් ගාස්තු ක්‍රමයක් කඩිනමින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පවසයි.

    පවතින කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යෑමේදී සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා ගාස්තු ඉහළ දැමීමක් කර තිබුනද, බෙහොමයක් බස් රථවල ආසන ගත නීතිය උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කරන බව අමාත්‍යවරයා පවසයි.

    ඒ අනූව හිටගෙන යන මගීන්ගෙන් සංශෝධනයට පෙර පැවැති ගාස්තු අය කිරීමට හැකි ලෙස නව ක්‍රමයක් හඳුන්වා දෙන බවයි, ඔහු වැඩිදුරිටත් අවධාරණය කරන්නේ.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී ඊයේ (23 ) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

    Latest News