බස් ගාස්තුවල වෙනසක් නැහැ

පෙබ 01, 2024

    ඩීසල් මිල 2024.02.01 ඉහළ යාම මත බස් ගාස්තු ඉහළ නොදමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

    ඒ අනුව එම නිවේදනයෙන් දැක්වෙන්නේ "2002.06.12 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව 2002 ජුලි මස සිට බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදුකර ඇති බවත් එම ප්‍රතිපත්තිය අනුව වාර්ෂික බස්ගාස්තු ප්‍රතිශෝධනය සෑම වර්ෂයකම ජූලි මස 01 දින ප්‍රකාශයට පත්කළ යුතු අතර එසේම වර්ෂයේ ප්‍රථම මාස 09 තුල ඩීසල් මිළේ ශීඝ්‍ර වැඩිවීමක් සිදුවුවහොත් සහ එම වැඩිවීම සමස්ථ කිලෝමීටර් එකක ධාවන පිරිවැය 4% කට අධික ප්‍රමාණයකින් වැඩිවීමට දායක වුවහොත් ඩීසල් මිළ වැඩිවී එක් මසක් තුළ අතුරු ගාස්තු වැඩවීමක් සිදුකළ යුතු බවත්ය" යනුවෙනි.

    2024.01.31 මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටර් එකක මිල රු. 363ක් දක්වා වැඩිවීම, ජාතික බස්ගාස්තු ප්‍රතිපත්තියේ සඳහන් මිල සූත්‍රයට ගැලපූ විට සමස්ථ කිලෝමීටර් එකක ධාවන පිරිවැය 2.61% බැවින් උක්ත ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු වැඩිවිමක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මහජනතාව වෙත දැනුම්දී ඇත.

    Latest News