හෙට (14) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු සංශෝධනයක්...(වීඩියෝ)

මාර් 13, 2022
  • ඉන්ධන මිල වැඩිවීමත් සමඟ බස් ගාස්තුවල යම් සංශෝධනයක් හෙට (14) රාත්‍රියේ සිට සිදු කිරීමට ඉඩ ඇති බව, අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

    ජනතාවට දැඩි බලපෑමක් සිදු නොවන පරිදි අවම ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට බස් සංගම්වල එකඟතාව හිමි වූ බවයි, ඔහු ප්‍රකාශ කළේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ බස් සංගම්වල නියෝජිතයන් පිරිසක් සමඟ බස් ගාස්තු සංශෝධනය සහ පොදු ප්‍රවාහන සේවය පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ජාවක් අද පැවැත්වුණා. එහිදී අවධාරණය කෙරුණේ, දීර්ඝ කාලීනව ඉන්ධන සහනාධාරයක් ලබාදීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවයි. ඒ අනුව බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට සාකච්ජා කෙරුණු බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ....

    Latest News