රටට ඕන අල රට තුලම

අගෝ 13, 2023

    බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට රජය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    රටට අවශ්‍ය අර්තාපල් ප්‍රමාණය රට තුළම නිපදවීම එහි අරමුණයි. කහගොල්ල බීජ අර්තාපල් සැකසුම් ගොවිපොලේ නිරීක්ෂණ චාරිකාවක පසුගියදා නිරතවීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    මෙරට වාර්ෂික අර්තාපල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් දෙලක්ෂ විසි පන් දහසක්.

    දැනට රටතුළ නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් තිස් තුන් දහසක් පමණයි. ඉතිරි ප්‍රමාණය ආනයනය කිරීමට සිදුව තිබෙනවා.

    එමෙන්ම, කහත්තේවෙල දී පසුගියදා විවෘත කරනු ලැබූ අර්තාපල් තීරු නිෂ්පාදන කර්මාන්ත ශාලාව සඳහා ද අර්තාපල් විශාල ප්‍රමාණයක් දෛනිකව අවශ්‍යයි.
    අර්තාපල් නිෂ්පාදනය සඳහා වසරකට අවශ්‍ය බීජ මෙට්‍රික් ටොන් ප්‍රමාණය දො‍ලොස් දහස් පන්සියයක්.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන්නේ ඉන් 24%ක් පමණයි.

    එම තත්ත්වය 80%ක් දක්වා වර්ධනය කර ගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිළධාරින්ට උපදෙස් ලබාදුන්නා.

    Latest News