දිඹුලපතනේ බිහිසුණු අනතුරක් - 05 දෙනෙකුට බරපතලයි

අගෝ 13, 2023

    ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

    අනතුර සිදුව ඇත්තේ, ඊයේ (12) රාත්‍රී 10.00ට පමණ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදී.

    මෝටර් රථය ධාවනය කළ රියදුරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව වාර්තා වනවා.

    තුවාලකරුවන් නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20-30 වයස් කාණ්ඩවල පසුවන බවයි, පොලීසිය පවසන්නේ.  පොලීසිය හා  ප්‍රදේශවාසින් එක්ව තුවාලකරුවන් රෝහල්ගතකර ඇත.

    අනතුරෙන් මෝටර් රථයට සහ බවුසර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

    Latest News