ජ්‍යේෂ්ඨ ලේඛිකාවන් දෙදෙනෙක් දිවි සැරිය නිම කරයි

අගෝ 12, 2023

    ශ්‍රී ලාංකීය පරිවර්තන සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ කතුවරියන් දෙදෙනෙක් වන අනුල ද සිල්වා මහත්මිය සහ සෝමා ටී පෙරේරා මහත්මිය ඊයේ දිනයේ දී ජීවන ගමනින් සමුගෙන තිබෙනවා. 

    අනුල ද සිල්වා මහත්මිය මියයන විට 82 වන වියේ පසුවූණා. 1941 ජනවාරි 27 වැනි අම්බලන්ගොඩ, පොල්වත්ත ගම්මානයේ උපත ලද ඇය සිය පළමු නවකතාව වන 'උන්මන්තකයෝ' ප්‍රකාශයට පත් කළේ 1964 වර්ෂයේදී. 

    අනතුරුව ඇය නවකතා, පරිවර්තන සහ ළමා පොත් ඇතුළු පොත් 125කට අධික ප්‍රමාණයක් රචනා කළාය.

    අනුල ද සිල්වා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා ද දායකත්වය ලබා දුන් අතර, අවස්ථා කිහිපයක දී ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස ද කටයුතු කළාය.

    අනුල ද සිල්වා මහත්මියගේ දේහය, අවසාන ගෞරවය දැක්වීම සඳහා ඉරිදා සිට ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු ලබන 14 වැනි දා බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි.

    ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක් සහ ග්‍රන්ථ කතුවරියක වූ සෝමා ටී. පෙරේරා මහත්මිය මිය යන විට 77 වැනි වියේ පසුවුණා.

    හැටේ දශකයේ දී පුවත්පත්වලට විශේෂාංග සහ නවකතා ලිවිමෙන් වෘත්තීය පුවත්පත් කලාවේදීනියක වූ ඇය කාන්තා පුවත් පත් සහ යොවුන් පුවත් පත් රැසකට කොටස් වශයෙන් පළ කෙරෙන නවකතා ලිවීමෙන් පාඨක ජනතාව අතර ලේඛිකාවක් ලෙස ප්‍රකට වුණා.

    Last modified on සෙනසුරාදා, 12 අගෝස්තු 2023 12:56

    Latest News