අර්තාපල් - රතු ලූණු මිල පහළට

පෙබ 22, 2020

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අර්තාපල් හා රතු ලූණු මිල පහත බැස ඇතැයි වාර්තා වෙයි.

    යාපනය ප්‍රදේශයෙන් අස්වනු ලැබීම ඊට හේතුව බවයි, ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසන්නේ. රුපියල් 120ක ඉහළ මිලකට අළෙවි වූ දේශීය හා විදේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 75ත් 80ත් දක්වා පහත බැස තිබේ. රුපියල් 500ත් 600ත් අතර ඉහළ මිලක පැවති රතුලූණු කිලෝව රුපියල් 230ත් 250ත් අතර මිලකට පහත බැස ඇති බවයි වාර්තා වන්නේ. දේශීය රතුලුණු සඳහා ද ඉහළ ඉල්ලුමක් පවතියි.

    Last modified on සෙනසුරාදා, 22 පෙබරවාරි 2020 12:23

    Latest News