කොවිඩ් ආසාදිතයින් අතරින් 892ක් නාවික හමුදාවෙන්

ජූනි 08, 2020

    කොවිඩ් 19 සමස්ත රෝගීන් 1835 දෙනාගෙන් අටසිය අනූ දෙදෙනෙකුම හඳුනාගෙන ඇත්තේ නාවික හමුදා සාමාජිකයන්ගෙන් හා ඒ ආශ්‍රිත අනෙකුත් පුද්ගලයන් අතුරින්.

    ප්‍රතිශතයක් ලෙස එම පිරිස 48.61 සමස්ත රෝගීන්ගෙන් 630 දෙනෙකුම විදේශයන්හි සිට පැමිණි අයයි. සමස්ත රෝගීන් සමග ගත් විට එය 34.33ක අගයක්. සෙසු ආසාදිතයන් 313 දෙනා දේශීයව හඳුනාගත් අය වන අතර, එම ප්‍රතිශතය 17.5ක්.

    කොවිඩ් 19 රෝගයට ගොදුරුවු බවට හඳුනාගෙන ඇති නාවික හමුදා සාමාජිකයන් 847 දෙනා අතුරින් පන්සිය විසිදෙදෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 325ක්.

    Last modified on සදුදා, 08 ජූනි 2020 11:45

    Latest News